පිළියන්දල මොරටුව පාරේදී, පසුගිය 09 වැනිදා මත්ද්‍රව්‍ය වැටලීමකට යයි නොමග
යවමින් පොලිසිය කැඳවා
එහිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව, බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සමාධි පතිරණ දැරිය අද ජිවිතක්ෂයට පත්ව තිබේ.
11 හැවිරිදි සමාධි පතිරණ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටි අතර ඇය සිය පවුලේ අය සමග වෙඩික්කරුවන් ලුහුබඳින ලද පොලිස් වාහනය අසළ සිටියාය.
මෙම ප්‍රහාරය නිසා බරපතල තුවාල ලද පොලිස් පරීක්ෂක රංගජීව මහතාද තවම දැඩි සත්කාර ඒකකයේ පසුවේ.