පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. 29 උදෑසන පොලිස් වාර්තාව අනුව ඒවා මෙසේය.

රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර - කලවාන, රත්නපුර - පානදුර, රත්නපුර - පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම කුරුවිට - ගොකරැල්ල , කලවාන - රත්නපුර, කලවාන - පොතුපිටිය, කලවාන - මතුගම, ඇහැළියගොඩ - එල්ලාවල, පොතුපිටිය - රක්වාන ,

කොළොන්න - දෙනියාය, නිවිතිගල - කලවාන, කිරිඇල්ල - පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ.

කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර - කෙත්හේන, බදුරලිය - අත්වැල්තොට, බුලත්සිංහල - බදුරලිය, කළවැල්ලාව - තෙබුවන, මතුගම - කළුතර, වැලිපැන්න - අලුත්ගම, අලුත්ගම - මතුගම, කළුතර - හොරණ, තෙබුවන - නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව - දෙල්ලව, නෙළුව - උඩුගම, නෙළුව - පැලවත්ත, උඩුගම - බද්දේගම, වඳුරඹ - මාපලගම, වඳුරඹ - යක්කලමුල්ල, වඳුරඹ - බද්දේගම, පෝද්දල - බද්දේගම, වක්වැල්ල - ගිංතොට, හිනිදුම - නෙළුව, හිනිදුම - උඩුගම, හිනිදුම - අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.

මාතර - අකුරැස්ස , මාතර - කඹුරුපිටිය යන මාර්ග ජලයෙන් යටවී ඇති අතර තංගල්ල - වීරකැටිය මාර්ගය ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කැලණිය පොලිස් කොට්ඨාශයේ බියගම - කඩුවෙල, බියගම - කොළඹ යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව සඳහන්ය.

පාදුක්ක - හංවැල්ල මාර්ගය, පාදුක්ක ඉංගිරිය මාර්ගය, කළුඅග්ගල - ලබුගම මාර්ගය , පහත්ගම - දිද්දෙනිය මාර්ගය, කඩුවෙල - හෝමාගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව  පොලිසිය පවසයි.