වෙසක් පොහොය වෙනුවෙන් ඇමති අර්ජුන රණතුංග පැමිණ 10 වනදා විවෘත කිරීමට නියමිතව තිබූ මෙම තොරණ කඩා වැටීම නිසා එම කටයුත්ත අතහැර දමන්නට සිදුව ඇතැයි පැවසේ. වරාය අධිකාරිය මෙම තොරණ ඉදිකරනු ලැබුවේ සිවුවන වරට වන අතර වෙසක් කලාපයේ සෙසු අංග ඇමති අර්ජුන රණතුංග පස්වරුවේ විවෘත කිරීමට කටයුතු කෙරිණි.