ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ අනුබලය මත පසුගියදා කුරුණෑගලදී මුස්ලිම් පල්ලියකට ප්‍රහාර
එල්ලවීම සම්බන්ධ පුවතින් පසු ඒ ගැන නොකියා ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන කතාවක් අගමැති රනිල් වික්‍රමසිංහ අද සඳහන් කර තිබේ.
අද (23) දින අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා ඇත.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි. ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“