පතුරවමින් සිටින බවක් දක්නට ලැබෙයි. ඒ ආකාරයෙන් මෙම ගාථාවන්ට යම් ගුප්තමය බලය ආරූඪ කරන්නට ඇතැමුන් උත්සාහ දරන බවක් දක්නට ඇත.
ඔවුන්ගේ ඒ මතය ඔස්සේ ගිය ඇතැමුන්ට මින් යමක් ලැබෙන්නට ද ඇත. නොලැබෙන්නට ද ඇත. ලැබුණ අය මේවා තවදුරටත් විශ්වාස කරන්නටත්, නොලැබුණ අය
ප්‍රථමයෙන් අපි මෙම රත්නමාලා ගාථා තුන ගෙන බලමු.
සංසාර සාරෝඝ විනීත නීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොණ්ණ තනුපලාසං
සංලාප දේසිං පණමේහි සාසං
සංසාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේවිසේ සං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං
සංදාසගං නාසිත පාප නාසං
සං නාප ධංසිං හතඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං
මෙම ගාථා තුන මහා බලසම්පන්න ගාථා බවත්, මේවා නිතර කීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බවටත්. නොයෙකුත් මත ප්‍රකාශ වේ. ගමනක් පිටත් වීමට ප්‍රථම මෙම ගාථා තුන කීමෙන් ඒ ගමන ඉතා සාර්ථක වන බවට කියැවේ. ඇතැම් පොත්පත්වල පූර්විකා ලෙස මෙම අදහස් යොදා ඇත. ඔවුන් ඉන් අදහස් කරන්නේ මෙම ගාථා ගණ පිහිටුවා ලියා ඇති බැවින් ඒ ආකාරයේ ගුප්තමය බලයක් මෙම ගාථාවලට ලැබි ඇති බවකි. එහෙත් ගණ පිහිටුවීම යනු කුමක් ද?, ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව අපි ඉකුත් සතියක දී වඩා හොඳින් කරුණු පැහැදිලි කළෙමු.
කෙසේ වෙතත් මෙම ගාථා ලියැවී ඇත්තේ මහනුවර යුගයේ දී ය. පාලි, සංස්කෘත, සිංහල ආදී සියලු භාෂාවන්හි ප්‍රවීණ හිමිවරුන් විසින් මෙම ගාථා රචනා කර ඇත. ඒ ආකාරයට මෙම ගාථා රචනා කර ඇත්තේ ඒ හික්ෂුන් වහන්සේලාගේ ව්‍යක්ත බව ප්‍රකට කිරීමට මිස, මන්තර ලෙස ජප කිරීමට නොවේ. මෙම ගාථාවල කිසිදු ගුප්තමය බලවේගයක් නැත.
මෙම ගාථා ගායනා කිරීමේ පහසුව පිණිස මෙන්ම අලංකාරය වැඩි කිරීම සඳහා ගණ පිහිටුවා රචනා කිරීමට උන්වහන්සේලා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගාථා රචනා වී ඇත්තේ “ඉන්ද්‍රවජ්‍රා” යන වෘත්තයට අනුවය. එහි වෘත්ත ලක්ෂණ වන්නේ “ත” ගණ දෙකක්, “ජ” ගණ එකක් සහ ගුරු දෙකක් ය. එය නිදසුනක් ලෙස ප්‍රකාශ කරන්නේ නම්, මේ ආකාරයෙනි.
සංසාර / සාරෝඝ / විනීත / නීසං
භභ- භභ- -භ- භභ
ඒ අනුව ගුරු දෙකයි ලඝු එකයි යනු “ත” ගණයයි. ලඝු එකයි ගුරු එකයි ලඝු එකයි යනු “ජ” ගණයයි. අනෙක් ඒවා, ගුරු මාත්‍රා ය.
මෙවැනි රචනාවක් කළ හැකි වන්නේ විශිෂ්ට රචකයෙකුට පමණි. එමෙන් ම මේ ආකාරයේ ගණ පිහිටුවීමක් නොමැතිව මෙම ගාථා ගායනා කිරීමට ද නොහැකි ය. මේවා අපි “දුෂ්කර බන්ධන” ලෙස ද හඳුන්වමු. මෙය මලක ආකාරයකින් සකස් කර ඇත. එය පද්මබන්ධන ලෙස හඳුන්වයි. එමෙන් ම “ගෝමුත්‍ර බන්ධන” ලෙස ද රටාවක් ඇත. එනම්, ගවයෙකු මුත්‍රා කරමින් ගමන් කරන විට සෑදෙන රටාවට අනුව බන්ධනය කළ ගාථා, ශ්ලෝක ආදිය ඒ වර්ගයට අයත් වේ. එමෙන් ම කොඩියට ආකාරයට සකසන ලද ගාථා ශ්ලෝක ආදිය “ධජබන්ධන” ලෙස හඳුන්වයි.
අර්ථ මතුකෙරෙන ආකාරයට ලියා ඇති මෙම ගාථා නමස්කාර ගාථා ලෙස ද හඳුන්වයි. මෙම ගාථා තුනෙහි අර්ථ ගෙන බලමු.
1. සංසාරය නමැති මහා සැඩ පහර නැසූ, යහපත් සැප දෙන, මනා නුවණ හා රන් සිරුරක් ඇති, උතුම් දහම් දෙසන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
2. සංසාරය නමැති රෝදයේ මෝහය නමැති බොස්ගෙඩිය සිඳ සන්නාහ සන්නද්ධ මාර සේනාව පරාජය කළා වූ, ඇසුරු කිරීමෙන් උදාර සතුට ගෙන දෙන, උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා.
3. තම හදවත් තුළ තිබෙන පාප, කෙළෙස්, ගුණදහම් නමැති රශ්මියෙන් දුරු කළා වූ ද, සුන්දර වූ, නිවන් මගට පැමිණියා වූ ද, සංවරයෙන් යුක්ත වූ, ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.
මේ අර්ථය ගද්‍යයක් ලෙස පාලි භාෂාවට නැඟුවහොත් කර්ණ රසායන ආකාරයට ගායනා කළ නොහැකි ය. ඊට හේතුව එහි ගණ පිහිටුවීමක් නැති නිසයි. එමනිසා එය ඉන්ද්‍රවජ්‍රා ස්වරූපයට ගණ පිහිටුවා ගායනා කළ හැකි පරිදි සකස් කර ඇත.
ඇතැමුන් මෙම ගාථාවල ගුප්තමය බලයක් තිබෙන බවට මත පතුරුවාලීම සඳහා දුටුගැමුණු රජු ද මෙය භාවිත කළ බවත්, මෙය මහා බලසම්පන්න බවත්, ප්‍රකාශ කරයි. එහෙත් මේවා රචනා කළ හිමිවරු අද ජීවත් සිටියා නම්, තම රචනාවලට මේ මිනිසුන් දී ඇති ව්‍යාජ අර්ථ දැක ඉතා කම්පාවට පත්වනු නියත ය.
එබැවින් මේවායේ කිසිදු ගුප්තමය බලවේගයක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතු ය. ඒ හිමිවරු මෙම ගාථා රචනා කරන ලද්දේ ඒ සඳහා ගුප්තමය බලයක් දීමට නොව, ගායනා කිරීමේ පහසුව හා අලංකාරය වැඩි කිරීම සඳහා පමණක් ගණ පිහිටුවා සකස් කර ඇත. එබැවින් මෙම ගාථා මන්තර ලෙස නිරන්තරයෙන් ජප කිරීමෙන් කෙනෙකුට ලැබෙන දෙයක් හෝ නොලැබෙන දෙයක් නැත. එමනිසා බුදුදහම තුළ ඇති මෙවැනි ගාථාවලට ගුප්තමය බලයක් ආරූඪ කරගනිමින් එය මිථ්‍යාවට හසුකිරීමෙන් වැළකී සිටීමට සියලු බෞද්ධයෝ කටයුතු කළ යුතුව ඇත.
ගයාත්‍රි ගීගනආරච්චි (lakbima)