ගිනස් වාර්තා තැබූ කරාටේ වසන්ත මැරූ බවට සැක පිට සිරගතව සිට ඇප මත නිදහස්ව සිටියදී නැවත වතාවක් අපරාධයක් සම්බන්ධ සැකයකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ

එම අධිකරණ තීන්දුව

ලබාදෙන්නට පෙර පොලිසියේදී පෙනී සිටියායයි කියන වීඩියෝවක් ගැන පරීක්ෂණ අරඹා ඇත.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම හා කොන්ත‍්‍රාත්තුවක් මත ජීප් රථයක් පැහැර ගැනීම යන චෝදනාවන්ට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප‍්‍රශ්නකර සැකකරු මූලස්ථාන පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටියදී ඔහුව බැලීමට පැමිණි කිසියම් සගයෙකු ඉතා රහසිගතව ජංගම දුරකථනයකින් පටිගත කළ බවට සැකකරන වීඩියෝව පසුදා අන්තර් ජාලයට මුදාහැර තිබුණි. විනාඩි දෙකයි තප්පර 14ක් පමණවන මෙම විඩියෝව සැකසූ අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන අරඹා තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටියදී මෙම ක්‍රියාව සිදුව තිබේ.
 එස් එෆ් ලොක්කාට පොලීසිය පහරදී හොර රහසේ සඟවාගෙන උසාවියට ඉදිරිපත් නොකර බොරු වරදක පටලවයි යනුවෙන් නම්කර එම විඩියෝව සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහැර තිබුණි.
එම වීඩියෝවේදී තමන් සඟවා සිටින බවට පොලිසියට නිර්මාණාත්මක චෝදනාවක්ද කර තිබේ.