අද(16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙසේ කියා ඇත.
“රජය මුලින් පැවසුවේ මෝඩි අගමැතිවරයා වෙසක් දිනයට කලින් මෙරටට පැමිණීමට නියමිත බව. නමුත් ඔහු මෙරටට ආවේ වෙසක් දිනය උදා වුණාට පසුවයි.
වෙසක් දිනය උදා වූවාට පසුව මෝඩි නොවෙයි කවරකු පැමිණියත් විරෝධතා පැවැත්වීමේ සංස්කෘතියක් මේ රටේ නැහැ. ඒ නිසයි අපි අත්හැරියේ.
කෙසේ නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් ලෙස බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝඩි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අඅගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.‘