ටෙලි නාට්‍ය නිළි චතුරිකා පීරිස් පසුගියදා පුවත්පතක විශේෂාංගයක් ලෙස ඇසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයා ඇත්තේ පහත පරිදිය.

1. චතුරිකාගේ වයස කීයද – 36 යි

2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම

3. ‍චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.

4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්

5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ‍ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්

6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.

7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ‍ෆොන්සේකා

8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.

9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.

10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.

11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.

12. මේ අය ගැන කෙටියෙන් කියන්න –

a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.

b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.

c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.

d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.

13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.

14. අනාගත බලා‍පොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.