රටේ ආණ්ඩුවේ වියදමින් පුහුණුවී රට වෙනුවෙන් නියෝජනයක් ලෙස ඉදිරිපත්වී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා
ගන්නා පදක්කම් වල
සම්පූර්ණ අයිතිය ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට සතුවීම ගැටලුකාරීවීම මත ඒවා විකිණීමට හෝ වෙන්දේසි කිරීමට කිසිවෙකු උත්සාහ කරයි නම් එය රජයක අනුමැතියට යටත්ව සිදු කරනන්නක් ලෙස පහසුවෙන් කළ නොහැකි දෙයක් වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා  අමාත්‍ය දයාසිරි ජයසේකර දන්වා සිටී.
පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට සූදානම් බවට ඇපයට තබා තමන්ගේ ආර්ථික ප්‍රශ්න රට හමුවේ තැබීමේ සිදුවීම නිසා මෙම පියවර ගන්නට සිදුවන බව ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇත.