මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක වන සිය බිරිදට කෲර වධහිංසා පමුණුවමින් දිගින් දිගටම පහරදීම් සිදු
කළේයැයි කියන එම රෝහලේම වෛද්‍යවරයෙකු මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩගුවට ගෙන ඇත.

මෙම වෙද්‍යවරයා විසින් සිදු කර
ඇතැයි කියන පහරදීමකින් පසු ප්‍රතිකාර සදහා අදාළ වෛද්‍යවරිය මහනුවර මහරෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන්පසු සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගැණිනි.

සැකකාර වෛද්‍යවරයා විසින් සිය බිරිදට එල්ල කළ පහරදීම් හා වධහිංසා පිළිබද පසුගිය සති දෙක තුළ පමණක් මහනුවර පොලීසියට පැමිණිලි තුනක් ලැබී ඇත.

මෙයට පෙරද මෙවනි පහරදීම් හා වධහිංසා පිළිබදව වෛද්‍යවරියගෙන් පොලීසියට පැමිණිළි රැසක් ලැබී තිබේ.

දිගින් දිගටම සිදුවන මෙම වධහිංසා හා පහර දීම් පිළිබදව විමර්ශණය කළ පොලීසිය සැකකාර වෛද්‍යවරායා අත්අඩංගුවට ගෙන ඇත.

(ඉන්දික පොල්කොටුව)