පිරිනිවන් මංචකයේ
පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් මෙලෙස අතුරා ඇත්තේ පුරාවිද්‍යා ආරක්ෂකයන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් හා පුරාවිද්‍යා පොලිසිය බලා සිටියදීය.
වහාම එම කටයුත්ත වැළකීමට ඔවුන් කටයුතු කර තිබේ.
ගල් විහාර පුද බිම ලෝක උරුම ස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී එහි පුරාවස්තුවලට හානි කිරීමක් හෝ එහි පවතින ස්වරූපය වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම බරපතළ වරදක් බව බලධාරීන් යළි මතක් කර දෙයි.
මීට මසකට පමණ ඉහත දී ද මෙවැනි ඇතිරිල්ලක් බුද්ධ ප්‍රතිමාවට පොරවා තිබියදී ඇමැතිවරයාගේ අවධානය යොමුවී එය ඉවත් කර තිබුණි.