ලබන සතියේ සිට කැබිනට්‌ මාධ්‍ය හමුව ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කරන්නට රජය තීරණය
කර තිබේ. එය
මේ දක්වා දීර්ඝ වේලාවක් ගතකර පැවැත්වෙන නමුත් කරුනු සාරාංශ කර ඉදිරිපත් කරමින් පැයක කාලයක් තුළ සියල්ල අවසන් වන පරිදි එම හමුව ප්‍රතිසකස් කර ඇත.
ඒ අනුව පෙරවරු 11.30 ට ආරම්භ කර දහවල් 12.30 ට අවසන් කිරීමට යොදා පැයකට සීමාකර ජාතික රූපවාහිනිය මගින් සජීවීව විකාශනය කිරීමට. රජය තීරණය කර තිබේ.
කැබිනට්‌ මාධ්‍ය හමුව තුළ විවිධාකාර නොගැළපෙන දේ කියැවුණ බවට විවේචන පළවූ අතර මේ දක්වා සිටි රාජිත හා ගයන්ත ඇමතිවරුන්ට අමතරව දැන් දයාසිරි ඇමතිවරයාද සම කැබිනට් ප්‍රකාශකයෙකු ලෙස එක්ව තිබේ.