මාරවිල, මුහුදුකටුව ප්රදේශයේදී වතු අධිකාරීවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.
මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු මීට මාස 04කට පමණ පෙර අදාළ ප්රදේශයේ වතු අධිකාරීවරයෙකු වශයෙන් රැකියාව සඳහා පැමිණ තිබේ.
සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.