මාතර අත්තුඩාවේදී ඔරුවක් පෙරළීමෙන් තිදෙනෙකු ජීවතක්ෂයට පත්ව තිබේ.
ඔවුන් තිදෙනා අද (1දා) ගැඹුරු දිය ඇති ස්ථානයක ඔරුවක ගමන් කරමින් සිටියදී සැඩ පහර නිසා පාලනය
කළ
නොහැකිවූ ඔරුව පෙරළී තිදෙනාම දියේ ගිලී ඇත.
ඔවුන්ගේ සිරුරු ගිලී නොපෙනී ගිය පසු අවට සිටයවුන් නාවික හමුදාවෙන් උදව් ලබාගෙන එම සිරුරු සෙවීම් කළ අතර පසුව ඔවුන් තිදෙනා මියටගොස් සිටියදී හමුවිය.
මෙහිදී අවුරුදු 30 මවක හා ඇගේ  14 හැවැරිදි පිරිමි දරුවෙකුද ඔවුනගේ හිතවතෙකු බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් තිබේ.