ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත්
රහස් පොලිසිය අදාළ නඩු භාණ්ඩය ගැන නඩු භාණ්ඩ භාරකරුගෙන් නොවිමසා ඍජුවම රෙජිස්ට්‍රාර්වරියගෙන් විමසා සිටීම නිසා මේ ගැටලු සහගත තත්ත්වය උද්ගත වූ බව චෝදනා කළ මහෙස්ත්‍රාත්වරයා මේ හේතුවෙන් අධිකරණයටද දැඩි අසාධාරණයක් සිදුවූ බව ප්‍රකාශ කෙළේය.
මේ හේතුවෙන් රහස් පොලිසිය මෙවැනි ඉල්ලීම් කිරීමේදී නිසි ලෙස කරුණු සොයා බලා වගකීම් සහගතව එම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතු බවද මහෙස්ත්‍රාත්වරයා අවවාද කළ අතර මෙවැනි ක්‍රියාවලීන් අධිකරණය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය පලුදු වීමට හේතුවන බවද සඳහන් කළේය.
මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පසුගිය නඩු දිනයේදී අධිකරණ නිලධාරීන් විවෘත අධිකරණයේ කැඳවා විමසීමක් කෙළේ නම් මේ ගැටලුව එදිනම නිරාකරණය කර ගැනීමට හැකියාව තිබූ බව ප්‍රකාශ කෙළේය.
(කේ.එස්. උදයකුමාර්)