මේ දිනවල සිදුවීම්
කිහිපයක් සිදුවී ලන්ඩන්
නුවර ත්‍රස්තවාදී බියක් මතුව තිබෙන නිසා චැම්පියන්ස් කුසලාන
තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම අනෙක් කණ්ඩායම් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව බවට ජගත් ක්‍රිකට් කවුන්සිල බලධාරීන් දැනුම් දී ඇත.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (05දා) සිය පුහුණුවීම්වල නිරත වූයේ එවැනි ආරක්ෂාවක් රහිතවය.
පුහුණුවීම් සිදුකරන අවට ආයුධ සන්නද්ධව කිසිදු ආරක්ෂකයකු නොසිටි බවත් වාර්තා විය. කෙසේ වෙතත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටින්නේ එවැනි ගැටලුවක් නැති බවත්
ආරක්ෂාව වෙනුවෙන් එරට ආරක්ෂක අංශ ප්‍රධානියකු ශ්‍රී ලංකා කණ්ඩායම සමගම සිටින බවත්ය.
“මෙහි තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා අපිට කියන්න බැහැ. ඒත් අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානියකු අපි සමගම දැන් සිටිනවා. ඔහු කණ්ඩායම ආපු බස් රථයෙන්ම ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ අනුව බැලුවහම අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙය කලින් තිබුණ ආරක්ෂාවට වඩා වැඩි වෙලා” ඔහු කියා තිබේ.