ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා තිබූ කිරි පිටි අලෙවි කළ
වෙළෙන්දන්
දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඌරුබොක්ක සති පොල් සැකකරුවන් දෙදෙනා කරවල අලෙවි කරන මුවාවෙන් මෙම කිරි පිටි ද අලෙවි කර තිබේ.
ඒ පිළිබඳ ඌරු බොක්ක පොලිසියට ලද තොරතුරකට අනූව අත්අඩංගුවට ගැනීමේදී
ඔවුන් සතුව ඇසුරුම් නවයක තිබූ ග‍්‍රෑම් 400යේ කිරි පිටි පැකට් 369ක් පොලිස් භාරයට ගැණුනා. ෙ
එම කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 285ක් වුවත් එය අලෙවි කර ඇත්තේ රුපියල් 200 ටයි.
සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ය.