පසුගියදා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු

රෝහල රජයට පවරාගැනීමෙන් පසු එය තාවකාලිකව ශ්‍රී ජයවර්ධනපුර
රෝහලට අනුබද්ධ ඒකකයක් ලෙස පවත්වා යන්නට තීරණයවී ඇති අතර ඒ වෙනුවෙන් මාස්පතා අවශ්‍ය වියදම රුපියල් කෝටි 20 කි. එම මුදල රජය ගාණේ සෞඛ්‍ය අමාත්‍යංශ පිරිවැයක් ලෙස ගෙවීමට අවශ්‍ය පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව ඊයේ ඇමති රාජිත සඳහන් කළේය.
ඉදිරියේදී වෙනම රජයේ රෝහලක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින එය සංස්ථාපනය කරන බවද ඇමතිවරයා දන්වා ඇත. ලබන 1 වනදා සිට නෙවිල් රෝහල රජයේ රෝහලක් ලෙස කටයුතු අරඹනු ඇත.