ත්‍රෛනිකායික මහා නාහිමිවරන්ගේ විශේෂ රැස්වීමක් අද මහනුවරදී පැවැත්වුණි. එයට සියම් මහා නිකාය,
රාමඤ්ඥ

මහා නිකාය මෙන්ම අමරපුර මහා නිකායට අයත් මහ නාහිමිවරු  එක්ව සිටියහ.
දිනෙන් දින රටේ රෝගින් අමාරුවේ දමන සයිටම් අර්බුදය නිසා ජනතාවට වන හිංසනය මෙහිදී සාකච්ඡාවට බඳුන්ව ඇති අතර රජයේ අනාගත වැඩපිලිවෙල හා නව ව්‍යවස්ථාව ගැනද කරුණු ඉදිරිපත්වී තිබේ.
අවසානයේ නාහිමිවරුන් රජයට දැන්වීම පිණිස විශේෂ තීන්දු කිහිපයක් ලබාගෙන තිබෙන අතර රජය ප්‍රමුඛ අවධානය දී මෙම සයිටම් අර්බුදය විසඳන ලෙස බලකරවන තීන්දුව දන්වා ඇත. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වෙලාවේ අනවශ්‍ය බවද දැනුම් දී ඇත.