හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කරන්නැයි කොටුව
ඔහු දැනට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු රෝහලෙන් පිටවෙද්දී ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධියේ සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිටද මෙහිදී වරෙන්තුවක් නිකුත් කර තිබේ.
පුද්ගලයින් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සැකකරු ලෙස නම් කළ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතාගේ විදෙස් ගමන්ද අධිකරණය විසින් තහනම් කර තිබේ.