කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ 2002 සහ 2004 ආදි ශිෂ්‍ය කණ්ඩායම්වලින් සමන්විතින්‍දැි
ඹබසඑැා’ එම විද්‍යාලයේ එතෙක් තිබූ, වසර 50 කට වඩා පැරණි ප‍්‍රධාන ගේට්ටු වෙනුවට නව ප‍්‍රධාන
ගේට්ටු සවිකිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගේට්ටු සැලසුම් කිරීමේ සිට සවිකිරීම් අවසන්
කිරීම දක්වා ආදි ශිෂ්‍ය කණ්ඩායම් දෙකේම නොමඳ දායකත්වය හිමි වූ අතර 2017 අප්‍රෙල් 27 වන

දින එය උත්සවාකරයෙන් විවෘත කරන ලදි.
මෙම ව්‍යාපෘතිය සඳහා 2002 සහ 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායම් Joes United යන නාමය
යටතේ එක්වූ අතර ඒ සඳහා පාසලේ විදුහල්පති ට‍්‍රැවිස් ගේබ්‍රියල් පියතුමන්ගේ අනුමැතිය හා
ආශීර්වාදය හිමි විය. මේ සඳහා අනෙකුත් පාර්ශ්ව වෙතින්ද සහයෝගය පළවූ අතර ඉන් පසු
විදුහලේ එතෙක් පැවති ගේට්ටුවල තේමාවද පදනම් කරගනිමින්, පාසලේ හරය හා මනාව සැසඳෙන
ගේට්ටු සැලසුම් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
‘‘මෙම වැඩසටහන සඳහා ආදි ශිෂ්‍යයන් දැක්වූ උනන්දුව, කැපවීම හා සහයෝගය බෙහෙවින් අගය
කළ යුතුයි. මේ ආකාරයට පාසැල වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකිරීම සඳහා ආදි ශිෂ්‍ය
කණ්ඩායම් දෙකක් එකමුතු වීම බෙහෙවින් ආදර්ශමත් ක‍්‍රියාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙය
වත්මන් ශිෂ්‍ය පරපුර මෙන්ම අනාගතයේ පාසලට ඇතුළු වන ශිෂ්‍යයන් වෙනුවෙන්ද ඉටුකළ
සුවිශේෂී මෙහෙවරක් ලෙස මා දකිනවා.” ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු ට‍්‍රැවිස්
ගෙබ්‍රියල් පියතුමා පැවසී ය.
1896 වසරේදී ආරම්භ වූ ශාන්ත ජෝසප් විද්‍යාලය මෙරට පුරෝගාමී කතෝලික පාසල් අතරින් එකක්
වන අතර මේ වනවිට එය රටේ ප‍්‍රමුඛතම පිරිමි පාසලක් බවට වර්ධනය වී ඇත. එදා මෙදාතුර
සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් පසුකරමින්, අධ්‍යාපනය මෙන්ම ක‍්‍රීඩා, විෂය බාහිර ක‍්‍රියාකාරකම් හා
විනය වැනි අංශ රැසක් ඔස්සේ බෙහෙවින් කැපීපෙනෙන පාසලක් බවට පත්වීමට එම පාසල සමත්
වී තිබේ. එමෙන්ම විවිධ ක්ෂේත‍්‍ර හා අංශවල ඉදිරියෙන්ම සිටින ආදි ශිෂ්‍යයන් රාශියක් එම
පාසලෙන් බිහිවී ඇත.
‘‘සාමාන්‍යයෙන් ආදි ශිෂ්‍ය කණ්ඩායම් තම පාසල වෙනුවෙන් වගකීම් ඉටුකරන්නේ වෙනවෙනමයි.
නමුත් මේ අවශ්‍යතාව වටහාගත් පසුව අප ඒ සම්ප‍්‍රදාය වෙනස් කර කණ්ඩායම් දෙකක් එකට එක්වී
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළා. මා සිතන විදිහට පොදු මෙහෙවරක් සඳහා ආදි ශිෂ්‍ය
කණ්ඩායම් දෙකක් අත්වැල් බැඳගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.” 2002 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති
දිල්ශාන් ගම්මම්පිල මහතා පැවසී ය.
ව්‍යාපෘතියට සියලූ පාර්ශව් වල අනුමැතිය ලැබුණු පසුව 2002 සහ 2004 කණ්ඩායම්වල සම්පත්
දායකයෝ බොහෝ දෙනෙක් ගේට්ටුව සැලසුම් කිරීමේ සිට සවිකිරීම දක්වා විවිධ අදියරවලදී විවිධ
ආකාරවලින් දායකත්වය ලබාදුන්හ.
‘Joes United’ කණ්ඩායමේ සියලූ දෙනාම මෙම වැඩසටහනේදී පෙන්වූ එකමුතුව හා උනන්දුව
ඉතාමත් විශිෂ්ටයි. මේ එකමුතුව නිසා අපට හැම දෙනාගේම දායකත්වය ඇතිව මෙම උත්සාහය
සියයට සියයක් සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණා.” 2004 කණ්ඩායමේ සභාපති ක්ලයිව්
මොරිස් මහතා පැවසී ය.