මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටි චේතනි අබේකෝන්(27) ඩෙංගු රෝගයට ගොදුරුවී පසුගියදා මරණයට පත්වීම මුළු සරසවියේම කම්පාවට හේතු විය.
මාතලේ දිස්ත‍්‍රික්කයේ දෙවැනි තැන
නිර්මලා චේතනි අබේකෝන්(27) නාඋල ශ‍්‍රි නාග ජාතික පාසලෙන් මූලික අධයාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අකුරුකර තිබූ අතර 2013 වසරේ උසස්පෙල විෂය ධාරාවෙන් මාතලේ දිස්ත‍්‍රික්කයේ දෙවැනි තැන හිමිකරගත්තාය.
ග‍්‍රාම නිළධාරී තරග විභාගයෙන් සමත්ව සිය ප‍්‍රදේශයේම ග‍්‍රාම නිලධාරීවරියක් ලෙසද පත්වීම් ලබා සිටි ඇය පසුව සරසවි සාමාර්ථය මත කොළඹට පැමිණ අධ්‍යාපන කටයුතු අරඹා තිබුණි.
ඇයගේ අකල් වියෝවෙන් පසු මොරටුව සරසවියද ඩෙංගු රෝග පැතිරෙන බිය නිසා වසා දමා තිබිණි.
(විස්තර හා ඡායා -ඉන්දික අරුණ කුමාර - නාඋල )