පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත මහතාගේ නියෝග මත අනුරාධපුර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතා විශේෂ විමර්ශනයක් පවත්වයි.
මේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හා ව්‍යාපාරිකයා පොලිසියට කැඳවා තමාට හා තම දියණියට ස්ථානාධිපතිවරයා පහත් ලෙස බැන වැදුණු බවද පැමිණිල්ල කළ
ඉකුත් හත්වැනිදා රාත්‍රි 10.45ට පමණ මේ ඒජන්සියේ හිමිකරුවා යතුරුපැදියකින් මොහොමඩ් අලි යන අයගේ නිවෙසට පැමිණ ඔහුට සහ ඔහුගේ පාසල් යන දුවට පහරදුන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම පහරදීම හේතුවෙන් මොහොමඩ් අලි මහතාගේ පාසල් යන දියණිය 7 වැනිදා රාත්‍රියේම නෙළුබෑව රෝහලට ඇතුළත් කර ඇති බව කියයි. පසුදින සිය දියණිය අනුරාධපුර ශික්ෂණ රෝලට යැවූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 67 වාට්ටුවේ දින එකහමාරක් සිය දියණිය ප්‍රතිකාර ලබාගත් බවද මෙම පැමිණිල්ලේ සඳහන් වේ.
විදෙස් රටවලට කාන්තාවන් හා ශ්‍රමිකයන් යවන පෞද්ගලික ඒජන්සියේ හිමිකරුවා තමන්ට සහ තම පාසල් යන දියණියට පහරදීම සම්බන්ධව හිදෝගම පොලිසියට පැමිණි කළත් ස්ථානාධිපතිවරයා ඒජන්සියේ හිමිකරුවාට පක්ෂපාතීව කටයුතු කරමින් තමන් පොලිස් සිරකුටියේ විනාඩි පහළොවක් පමණ රඳවා තැබූ බව නියෝජ්‍ය පොලිස්පති සඳුන්ගහවත්ත මහතා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හා ව්‍යාපාරිකයා පොලිසියට කැඳවා තමාට හා තම දියණියට ස්ථානාධිපතිවරයා පහත් ලෙස බැන වැදුණු බවද මොහොමඩ් අලි මහතා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී කියා සිටියේ මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් පවත්වන බවයි.
පුබුදුපුර - රුචිර සේනාරත්න