ජාතික රූපවාහිනියේ හිටපු සභාපති විමලසේන රූබසිංහ හා හිටපු අධ්යක්ෂ ජනරාල් චන්ද්රපාල ලියනගේ යන මහතුන් එම තනතුරු දැරූ සමයේ රජයේ ප්රසම්පාදන ක්රියාවලියට පටහැණිව ඉතාලියේ සැටලයිට්
නාලිකාවකට මුදල් ගෙවා
‘වන් ශ්රී ලංකා‘ නමැති මෙම සැටලයිට් නාලිකාව ඉතාලියේ නෝවා විෂන් ආයතනය මගින් විසුරුවා හරින එකකි. එය මැද පෙරදිග හා යුරෝපයට සිය සැටලයිට් නාලිකා පවත්වා යයි.
පසුගිය රජයේ අවසාන සමයේ 2014 දෙසැම්බර් හා 2015 ජනවාරි අතර මාසයක කාලයක් මෙම සැටලයිට් නාලිකාව හරහා ලංකාවේ වැඩසටහන් විකාශය කරනවාට ජාතික රූපවාහිනියට අයත් මුදල් ගෙවා ඇති අතර පසුව එම කොන්ත්රාත්තුව ජනවාරි 15 වනදා අත්හිටුවා තිබේ.
මෙම කෙටි කාලය ඇතුළත සිදුවූ පාඩුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇත.