රයන් ජයලත් පැහැරගැනීමේ තැතක් ක්‍රියාත්මකවූ බවටත් එය රනිල් මෛත්‍රී රජයේ වැඩක් බවටත් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරනවා. ඊයේ නිකුත් කළ එම නිවේදනය පහත පරිදිය.
මාධ්‍ය නිවේදනයයි.
වෛද්‍ය පීඨ ශිෂ්‍යය ක‍්‍රියාකාරී කම්ටුවේ කැඳවුම්කරු පැහැර ගැනීමේ උත්සාහය හෙළා දකිමු.
අද දින (20) සවස විද්වත් වෘත්තිකයින්ගේ සංගම්
සුදු වෑන් සංස්කෘතිය තම විරුද්ධවාදීන් දඩයම්කිරීමට භාවිතා කළ රාජපක්ෂ ආණ්ඩුව පන්නා දැමීමට හේතු වූයේ ඔවුන්ගේ එම ජනතා විරෝධී ක‍්‍රියාවන්ය. එම ක‍්‍රියාදාමයන්ම ආරමිභකර ඇති වර්තමාන ආණ්ඩුව පෙන්නුම් කරමින් සිටින්නේ හවුල් ආණ්ඩුවේ අවසානය ආසන්න බවයි.
රෝහල රජයට පවරා ගැනීම වැනි ව්‍යාජ ඇස්බැන්දුම් වලින්, අත්තඩංගුවට ගැනීමෙන්, සිරභාරයේ තබා ගැනීමෙන් හා තර්ජනය කිරීම් වලින් සයිටම් විරෝධී බලවේග නිහඬ කළ නොහැකි බව ආණ්ඩුවට දැඩිව අවධාරණය කර සිටිමු.
ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට එරෙහිව තම අයිතිවාසිකම් රැක ගැනීමට පෙරට
එන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය.