මඩකළපුව පොලිසිය පළිගනිමින් අසාධාරණ ලෙස කටයුතු කරන බව පවසමින් මඩකළපුව මංගලාරාමාධිපති
අම්පිටියේ සුමනරතන හිමියන් පෙරේදා(23දා) දහවල් මඩකළපුව මංගලාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව විහාරස්ථාන භූමියේදී
පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගින්දර දමා පුළුස්සා දමන්නට විය.
පොලිස් නිලධාරීන්ට පහරදුන් බව පවසමින් තමන් වහන්සේට අසාධාරණ ලෙස නඩු 03ක් ගොනුකර ඇති බවත් තමාගේ ආරක්ෂාවට සිටි බීමත් පොලිස් නිලධාරීන් විසින් පහරදීම පිළිබඳව පැමිණිලි කර තිබුණත් කිසිදු විමර්ශනයක් සිදුනොකර මඩකළපුව මංගලාරාමයට එරෙහිව මඩකළපුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පළිගනිමින් කටයුතු කරන බවත් සුමනරතන හිමියෝ පවසති. මඩකළපුව පොලිසියේ මූලස්ථාන පරීක්ෂකවරයා පොලිසියේ වරද වසා ගනිමින් නීති පනවමින් මංගලාරාමයට එරෙහිව කටයුතු කරන බවද උන්වහන්සේ කියති. සාධාරණයක් ඉටු කරන ලෙස උන්වහන්සේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දිගාමඬුල්ලේ _ හෂිනි සචින්තා ඉඳුවරි, අම්පාර - සිතුමිණි ධනුෂ්කා දිල්හානි