පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීම,
පොලිස්‌ මුරපළවල් ගිනි තැබීම් ඇතුළු විවිධ රාජ්‍ය විරෝධී ක්‍රියාවන්වල නිරත වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හත්දෙනකු පේදුරුතුඩුව පොලිසිය මගින් පෙරේදා (30 වැනිදා) ආයුධත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් බවත් එක් අයෙකු  'ආවා කල්ලි' ප්‍රධානියකු බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඉකුත් ජුලි මස 09 වැනිදා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ පොලිසියේ වෙඩි තැබීමකින් දෙමළ තරුණයකු මිය යාමෙන් පසු ඇතිවූ කලබලයකදී පේදුරුතුඩුව ප්‍රදේශයේ පොලිස්‌ මුරපළකට පහර දී ගිනි තබා විනාශ කර පොලිස්‌ නිලධාරීන්ට සහ නිල රථයකට ප්‍රහාර එල්ල කර පොලිස්‌ නිලධාරියකුගේ නිවසකට ද පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මොවුන් හසුව තිබේ.
හසුවූ
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු, යාපනය භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු, කන්කසන්තුරේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් මාසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වේ.