ප්‍රවීණ මාධ්‍යවේදී දයාවංශ කරුණාමුණි මහතා ඊයේ (31) රාත්‍රී ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට 66 වන වියෙහි පසුවූ ඒ මහතා හෘදයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමෙන් පසු දින කිහිපයක් රෝගාතුරව සිටීමින් පසු අභාවප්‍රාප්ත වී තිබේ.

දවස,ලක්බිම,බිරිඳ පුවත්පත් වලද සිරස,නෙත් විද්‍යුත් මාධ්‍ය නාලිකා වලද සේවයකළ කරුණාමුණි මහතා මෙරට සිටින දේශපාලනඥයින් රැසක් සමග සමීප සබඳතා පැවැත්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙකු විය. ප්‍රකට දේශපාලනඥයින් හා ව්‍යාපාර ව්‍යවසායකයින් කිහිපදෙනෙකුගේ ජීවිත කතාද ඔහු අතින් රචනාවී ග්‍රන්ථ ලෙස එළි දැක තිබේ.
දේහය 111/5 අබෘෘ පාර,කළුතර උතුර ලිපිනයේ තැන්පත් කර තිබේ.අවසන් කටයුතු සෙනසුරාදා (5) වස්කඩුව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.