කඩවත, මහර, මිහිඳු මාවතේ පදිංචිව සිටි දිලිනි තරංගිකා
නමැති කොළඹ නීති

විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක ඩෙංගු උණ රෝගය වැළඳී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අයි.ඩී.එච්. උණ රෝහලේදී  27 වැනිදා සිය පවුලේ අය අමතමින් ‘තාත්තේ අපි තුන්දෙනාට ආයෙත් එක ගොඩේ නිදාගන්න පුළුවන්. හෙට විතර මගේ ටිකට් කපයි. අම්මට අඬන්න එපා කියන්න. ‘ කියූ ඇයට නැවත නිවසට ඒමට නොහැකි වී තිබේ.
පවුලේ එකම දරුවා වූ දිලිනි කඩවත, කිරිමැටියාගාරෙ පාසලෙන් මූලික අධ්‍යාපනයත්, කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලෙන් උසස් අධ්‍යාපනයත් ලැබු පසු නීති විද්‍යාලයට ඇතුළත් විය. එහි අවසන් වසරේ සිසුවියක් වූ ඇය තව නොබෝ දිනකින් නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නට පෙරුම් පුරමින් සිටියදී ඩෙංගු මාරයාට ගොදුරු වී ජීවිතය හැර ගියේ 29 වැනි දින කොළඹ මහ රෝහලේදීය.