ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිළිබඳ මේ දිනවල ඇමරිකාවේ විශාල කථාබහක් ඇතිව තිබේ. එයට හේතුව ඔහු ඊළඟ ඇමරිකානු ජනපතිවරණයට
ඉදිරිපත්වනු ඇති බවටය.
හිලරි ක්ලින්ටන්ගේ ප්‍රධාන සංවිධායකයකු වන ජෝයල් බෙනන්සන් ද තම වැඩ කටයුතු සඳහා ඔහු මුදල් ගෙවා සම්බන්ධ කරගැනීමද මෙම සංචාරය දේශපාලනය හා සම්බන්ධ කර කටකතාවක් බවට පත්වන්නට හේතු වී තිබේ.
සකර්බර්ග් වසර 2020 දී හෝ 2024 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වනු ඇතැයිද ඔහු 2020දී ජනාධිපතිවරණයට තරඟ කළහොත් ට්‍රම්ප් සමඟ කරට කර සිටින බව සමීක්ෂණයකින් හෙළිව ඇතැයිද එරට පුවත්පත් වාර්තා කර තිබේ.
මේ ගැන සකර්බර්ග් තවම නිල ප්‍රකාශයක් නිකුත්කර නැත. කෙසේ වෙතත් ඔහුගේ චරිත ස්වභාවය ගැන පවසන බොහෝ අය එවැනි දේකට සකර්බර්ග්ගේ උනන්දුවක් නොමැති වනු ඇති බව පවසා ඇත.