අද දින (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත අතර රෝහිත රාජපක්ෂ අදත් යෝෂිත රාජපක්ෂ සහ හෙට දින (16දා) FCID හමුවේ පෙනී සිටීමට නියමිතය.
සිරිලිය සවිය පදනමට
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට මෙම ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇති බවටද පරීක්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහිත රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමේ සිද්ධියකට අදාළව සිදුවන විමර්ශනයකට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට මෙම කැඳවීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් සිදු කර ඇති බවද වාර්තා වේ.
රෝහිත රාජපක්ෂ කැඳවනු ලබන්නේ සුප්‍රීම් සැට් නමින් චීනය හා ඒකාබද්ධව ශ්‍රිලංකාව යැවුවායයි කියන චන්ද්‍රිකාවට අදාළ රුපියල් මිලියන 320 කට අධික මහජන මුදල් නාස්තිකාර පරිහරණය සම්බන්ධ පරීක්ෂණය සඳහාය.