හිස්වැසුම් පටිය නොපැලඳූ 22 හැවිරිදි තරුණයකු දුක්බර අන්දමින් මරණයට පත්වූ සිද්ධිය මඩකළපුව කලුදාවලෙයිහි සිදුවී ඇත. ඔහු පිටරට සිට පැමිණ දින දෙකක් වෙයි. මඩකළපුව-කල්මුනේ ප්‍රධාන මාර්ගයේ
කලුදාවලෙයිහි
මගීන් හරස් මාර්ගයේ පෙරේදා අලුයම සිදුවූ අනතුරින් 22 හැවිරිදි මහාරාජා උදයරාජ් යන තරුණයා මරණයට පත්ව ඇත.

යතුරුපැදියෙන් ගිය තරුණයා ඉදිරියෙන් ගිය පිකප් වාහනයකට කලින් යෑමට ගිය විට එම වාහනයේ හා ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බසයේ හැපී විසිවීමෙන් හිස් වැසුම නොයෙදීම නිසා අනතුරට පත්වූ බව සඳහන් වේ.

දේහය කලුවන්විකුඩි මූලික රෝහලේ තබා ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික වාහනයේ රියැදුරු හා පිකප් වාහනයේ රියැදුරා අත්අඩංගුවට ගෙන වාහන රඳවා ඇති බව කලුවන්විකුඩි පොලිසිය පැවැසූහ.

යතුරුපැදිය මුළුමනින්ම හානියට පත්ව ඇති බවත් කලුවන්චිකුඩි පොලිසිය පරීක්ෂණ සිදු කරන බවත් සඳහන් වෙයි.

මඩකළපුව - ජේ.කාන්