යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය කොක්කුවිල් වෙඩි ප්‍රහාරයකට ලක්ව අනතුරකට පත්වීමෙන් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තෙවැනි වසරේ
අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනාගේ පවුල් වෙනුවෙන් නිවාස දෙකක් ඉදිකරදීමට රජය පියවර ගෙන තිබේ.
මෙහි පළමු පියවර වශයෙන් විජයකුමාර් සුලක්ෂන් සිසුවා වෙනුවෙන් නව නිවෙසක් ඉදිකිරීමට පසුගියදා බන්ධනාගාර හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ තෙලිප්පලෙයි පොලිස් වසමේදී සන්දිලිප්පායි මාසියාපිට්ටි ප්‍රදේශයේදී මුල්ගල් තැබීය.

රු. ලක්ෂ 5ක් වටිනා ඉඩමක රු. ලක්ෂ 9.5ක වියදමින් මේ නිවෙස ඉදිකිරීමේ කටයුතු සිදු කරන අතර නිවාස ඉදිකිරීමේ ශ්‍රමදායකත්වය යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරන අතර මූල්‍ය ආධාර යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් සැපයේ.
පසුගිය 2016 වසරේ ඔක්තෝබර් 20 වැනිදා රාත්‍රි සාදයකට සහභාගි වී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ එක් සිසුවකු එම ස්ථානයේදීම මියගිය අතර අනෙක් සිසුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය.

යාපනයේ දිසාපති වේදනායගම් මහතා සහ සනදිලිප්පායි ප්‍රාදේශීය ලේකම් හා යුදහමුදා නියෝජිත පිරිසක් මෙන්ම මියගිය සිසුවාගේ මව හා සොයුරෙක් මේ මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වූහ.

මුලතිව් - ශෂිකුමාර්