නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ
මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්මාර්ට් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා කීය.
ජීව මතික දත්ත සහිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.