පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලිඛිතව කළ දැනුම් දීමකට අනුව එම විදුහලේ අවුරුදු 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් සිවු දෙනකු කළුතර
දිස්ත්‍රික් වයස අවුරුදු 16න් පහළ ක්‍රිකට් සංචිතයෙන් ඉවත්කිරීම හේතුවෙන් එම ක්‍රීඩකයන් සිවු දෙනාගේ මවුපියන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කිරීමට
තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පානදුර රාජකීය විදුහල් කණ්ඩායමේ අවුරුදු 15න් පහළ සංචිතය නියෝජනය කරන සංදීප කල්හාර, ප්‍රශාන් කල්හාර, තරිඳු හර්ෂණ හා ධනංජය ප්‍රසාද් යන ක්‍රීඩකයන් අවුරුදු 15න් පහළ කළුතර දිස්ත්‍රික් සංගම් සංචිතයෙන් ඉවත් කර ඇත්තේ පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිගේ අනුදැනුම මත බවද එම මවුපියන් පෙන්වා දී ඇත.

එහිදී පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විසින් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ඒ. වීරසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දී ඇත්තේ විදුහලේ (පානදුර රාජකීය විදුහලේ) ක්‍රිකට් පුහුණුවීම්වලට සහභාගි නොවන බැවින් මෙම ක්‍රීඩකයන් සිවු දෙනා කළුතර දිස්ත්‍රික් සංචිතයේ පුහුණුවීම් සඳහා සහභාගි කර නොගන්නා ලෙසය.