පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළගදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා
මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සදහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
‘ආගමික පරිසරයෙන් යුතු පුරවැසියෙක් ගෙන් සෑම විටම සමාජයට වන්නේ යහපතක්.එවන් පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම සදහා නීති පැනවෙන පනත නීතිගත කිරීමේදි එම ආයතන ප්‍රධානීන් සමග ද සාකච්ඡා කළා. ඉරිදා දින සහ පෝය දින ටියුෂන් පන්ති තහනම් කිරීමේ පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ගෙන එනවා. උපකාරක පන්ති ගුරුවරුන් සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.මේ සමග දහම් පාසල් සදහා ළමුන් යොමු කිරිමට යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා .මේ සම්බන්ධව අපි ‍මහා සංඝරත්නය ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත්තා.ඒ අනුව රටේ සියලුම දරුවන් දහම් පාසල් සදහා යොමු වනු ඇති.‘
ඇමතිවරයා පවසා තිබේ.