තරයේ ප්‍රතික්ෂේප කළ අනුරාධපුර මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා සැකකරු තවදුරටත් මේ මස 22 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
සැකකරුගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ණෂණයක් සඳහා බොරැල්ල ජින්ටෙක් ආයතනයට යවන ලෙසටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මුල් බී වාර්තාව මඟින් කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමඟ මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම විසි දෙහැවිරිදි ස්විට්සර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරැඹීමටද පසුගිය දිනක පැමිණ ඇති බවයි.
තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති මෙම තරුණිය ත්‍රිරෝද රථ රියැදුරකු විසින් පසුගිය ජූලි මස 26 වැනි දින අලුයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇය සිර කර තබාගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවද පොලිසිය අධිකරණයට කීවේය.
තමා පැහැර ගෙන ගිය පුද්ගලයා කවුරුන්ද යන්න ස්ථිරවම ප්‍රකාශ කිරීමට එම ස්විට්සර්ලන්ත තරුණියට නොහැකි වීම නිසා අනුරාධපුර නගරයේ වටරවුම්වල සවි කර ඇති සී.සී.ටී.වී. කැමරා සියල්ල නිරීක්ෂණයට ලක් කෙරෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන නිරීක්ෂණ විශේෂ මැදිරියේ දර්ශන පරීක්ෂා කර බැලූ බවත් අධිකරණයට දැනුම් දුන් පොලිසිය එම කැමරා දර්ශන පරීක්ෂා කර ඒ ආධාරයෙන් විදේශීය තරුණිය පැහැරගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බවත් සඳහන් කළේය.
ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් සැරයන් ලලිත් නන්දසේන මහතා (31486) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කී අතර සැකකරු වෙනුවෙන් ජේයෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමඟ නීතිඥ ප්‍රියදර්ශනී කාරියවසම් මහත්මිය පෙනී සිටියහ.
අනුරාධපුර _ ආනන්ද කරුණාදාස