ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට යැයි පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීමේ චෝදනා මත ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම්
වටරැක විජිත හිමි ඊයේ

(01දා) කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
වටරැක විජිත හිමියන් ඊයේ දින මෙලෙස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සහ දරා තිබුණි.
එසේ කර තිබුනේ තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලමිනි.
අනතුරුව පොලීසිය විසින් වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා මත අත්තඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් වටරැක විජිත හිමි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත පස්වරුවේ ඉදිරිපත් කොට ඇති අතර එම හිමියන් අද (02දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන
බව වාර්තා විය.