වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයේ පිහිටුවීමට පියවර නොගන්නා ලෙස ඉල්ලමින් එම ප්‍රදේශවල ජනතාව මේ දිනවල සිදු කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යම් පියවරයක් ගෙන තිබෙන්නේ දැයි කළ විමසීමේදී ඒ මහතා එසේ පැවැසීය.
දැනට බන්ධනාගාර ඉදිකර තිබෙන
බන්ධනාගාරවල තිබෙන පහසුකම් රැසක්ම එම ප්‍රදේශවල ජනතාවට භුක්ති විඳීමට හැකියාව ලැබී ඇති බවද ඒ අනුව එකී බන්ධනාගාරවල තිබෙන ක්‍රීඩාපිටි, උත්සවශාලා ඇතුළු පහසුකම් ඊට අයත් බවද එකී බන්ධනාගාරවල සිදු කෙරෙන පුනරුත්ථාපන ක්‍රියාවලියන් සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට ප්‍රදේශයේ ආගමික නායකයන්ට, ප්‍රභූවරුන්ට, ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති ඇතුළු විවිධ තනතුරු දරන නිලධාරීන්ට හැකියාව ලැබෙන බවද ඒ මහතා පැවැසීය.
අද ලෝකයේ බොහෝ රටවල රඳවා සිටින සිරකරුවන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැලකීමට එම රටවල් පියවර ගෙන ඇති බවද අප රටේ සිටින සිරකරුවන්ටද එවැනි ප්‍රමිතීන්ට අනුව සැලකීමට නම් ඔවුන්ට ඉඩ පහසුකම් තිබෙන බන්ධනාගාර සකස් කර දිය යුතුව ඇති බවද දැනට තිබෙන කුඩා බන්ධනාගාර තුළ ඔවුන්ට මනා ලෙස පුනරුත්ථාපනයක් ලබාදීමට ඉඩ පහසුකම් නොතිබීම විශාල ගැටලුවක් වී තිබෙන බවද එබැවින් බන්ධනාගාරයක් තම ප්‍රදේශයේ ඉදිකිරීම පිළිබදව කිසිවකුත් බියක් ඇති කරගත යුතුව නැති බවද ඒ මහතා කීය.
වැලිකඩ බන්ධනගාරය හොරණ ප්‍රදේශයේම පිහිටුවන බවට තවම ස්ථීර නිගමනයකට පැමිණ නැති බවත් එම ප්‍රදේශයට අමතර එම බන්ධනාගාරය පිහිටුවීමට සුදුසු වෙනත් ප්‍රදේශයක් තිබේද යන්න පිළිබඳව බන්ධනාගාර අමාත්‍යාංශය මඟින් තවදුරටත් සොයා බලමින් සිටින බවත් ඒ මහතා කීවේය
කුමුදු උපුල් ශාන්ත