එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂ මහතාව, සියළු අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස
ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකළ ලිපියට ජනාධිපතිවරයා විසින් සිය අනුමැතිය ලබාදීමෙන් පසුව එයට අදාළ ලිපිය විජයදාස රාජපක්ෂ මහතාට ලැබුනු බව රාජපක්ෂ මහතාගේ නිලධාරියෙකු තහවුරු කර තිබේ.