ඒ අනුව මින් ඉදිරියට
සාමාන්‍යයෙන් විද්යුත් උපකරණ ළඟ තබා ගනිමින් පෙනී සිට හසුවන අයදුම්කරුවන්ට පැනවෙන දඬුවම පස් වසරක විභාග තහනමක් වුවද මෙම ශිෂ්‍යයාගේ ක්‍රියාව බරපතළ හෙයින් ඔහුට ජීවිත කාලය පුරාවට විභාග තහනමක් පැනවීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවැසීය.
කොළඹ ප්‍රධානම පාසලකින් විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යයා ඇතුළු පස් දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිති.
ඔහු සිරගතව සිටියදී මෙවර උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයට පෙනී සිටීමට අධිකරණ අවසරය ලබාගෙන තිබේ.
නිලන්ත මදුරාවල