ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් පිටියට
IS මරාගෙන මැරෙන ප්‍රහාරයක්
මෑතක විවාහවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
අශාන් ප්‍රියන්ජනුත් ඉඳලා
ඊයේ (13) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අල්කොසේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නරඹන්නන් අතරට පැමිණ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Shpageeza Cricket League 2017 නමින් වාර්ෂිකව ඇෆ්ගනිස්ථානයේ පවත්වන අයිපීඑල් ආකාරයේ විස්සයි-20 ලීග් තරගාවලියකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේහි ඇතැම් ක්‍රීඩකයින්ද ගෙන්වාගෙන පසුගිය 11 වනදා සිට ලබන 22 දින දක්වා පවත්වමින් තිබුණ මෙම තරගාවලියේ ඊයේ පැවති තරගයේ එක් කන්ඩායමක් නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක අශාන් ප්රියන්ජන්ද
ක්‍රීඩා කළේය.
ශ්‍රී ලංකා පිලේ නැගී එන ක්‍රීඩකයෙකුවූ ඔහු පසුගිය අප්‍රේල් මාසයෙ යුග දිවියට පිවිසි අවස්ථාවේ අප වෙබ් අඩවියේ එහි ඡායාරූපද පළවූවා ඔබට මතක ඇති.
මරාගෙන මැරෙන බෝම්බකරුගේ ඉලක්කය ක්‍රීඩාංගණයේ තරග කරමින් සිටි ක්‍රීඩකයින් විය හැකි බවත් ඔහු ක්‍රීඩාංගණය අසලට ගමන්කරන අවස්ථාවේ එහි සිටි ආරක්ෂක අංශ
ඔහුව ආරක්ෂක මුරපොලක් වෙතට යොමුකළ නිසා එය වැළකී ගියෙන් ඔහු එතැනදී බෝම්බය පුපුරුවාගෙන ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි විය.
ප්‍රහාරය හේතුවෙන් කිසිදු ක්‍රීඩකයෙකුට හානියක් සිදුව නොමැත.
මෙම සිදුවීමත් සමඟ එදින තරගය අවලංගු කර තිබෙන අතර තරගාවලිය නවතා නැත.
විදෙස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තවදුරත් තහවුරුකර ඇති බවට විදෙස් වාර්තා පළවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ ගැන මාධ්‍ය වෙත දන්වා සිටියේ මෙය නිල වශයෙන් ආරාධනා ලැබ ශ්‍රීලංකා ක්‍රිඩකයින් සහභාගීවූ තරගයක් නොවන බවත්
ශ්‍රී ලංකාවෙන් මෙම තරඟාවලියට යන කිසිදු ක්‍රීඩකයෙකුගේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය භාරනොගන්නා බවත්ය.
මෙම ප්‍රහාරය නිසා 3 නෙකු මියගිය බවට වාර්තා පළවුවත් ඇතැම් ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා මියගිය ගණන 9 ක් ලෙස වාර්තා කර ඇත.
අද(14) උදෑසන මෙම ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ
දිගු කෙලක පටන් යුද වාතාවරණයක් පවතින අැෆ්ගනිස්ථානෙය් මෙවැනි ප්‍රහාර සුලබ වන අතර මේ නිසාම මෙවැනි තරගාවලී සඳහා විදෙස් ක්‍රීඩකයින් එක්කර ගැනීමට විශාල ගෙවීම් සිදු කරන බවත් එම නිසා අන්තරාය නොසලකා ඇතැමුන් මේවාට එක්වන බවත් වාර්තා විය.
අශාන් ප්‍රියන්ජන් මෑතක පැවති විවාහ දින ඡායාරූප පහතින්
Pix By- Suren Abeysundara, Groom kit -Groom Story , Dress-Ruchira,Music band-Mahinda Bandara,Dance - Rangika Jeewantha ,Hotel - Pergursus Reef