මෙසේ අතුරුදන් වී
ඔහු 31 වන දින උදය කාලයේ තවත් චීන ජාතික මිතුරන් දෙදෙනෙකු සමග මුහුදු වෙරළට ගොස් ගල් පරයක් මත වාඩි වී සිට ඇත.
ඒ අතරතුර පැමිණි රළ පහරකට හසුවී මෙම පුදගලයා මුහුදට වැටී අතුරුදන් වී ඇත.
ඔහු සොයා ගැනීම සඳහා තංගල්ල නාවික හමුදා කඳවුරේ කිමිඳුම් කණ්ඩායමක් දික්වැල්ල පොලීසියේ සහ ප්රදේශවාසීන්ගේ සහයෝගයෙන් මෙහෙයුමක් දියත් කර ඇත.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්ර.පො.ප ලසන්ත දඩල්ලගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
(වලස්ගල ලක්ෂ්මන් කුමාරසිංහ)