ආරුගම්බේ සංචාරයකට පැමිණි
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු
කිඹුලෙකුට ගොදුරුවී මිය යයි
ලංකාවේ කෙටි සංචාරයක් සඳහා මිතුරන් පිරිසක් සමග ආරුගම්බේ වෙත පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෝල් මැක්ලීන් නමැති 24 හැවිරිදි ව්‍යාපාර පුවත් වාර්තාකරණයෙහි ප්‍රකට මෙම මාධ්‍යවේදියා එංගලන්තයේ Financial Times පුවත්පතේ සේවය කරමින් සිටි අයෙකි.
ඔහුගේ මිතුරන් හත් දෙනකු සමග ආරුගම්බේ සංචාරයකට පැමිණ
ඇත්තේ Safa Surf School හි නැවතී
පිරිස කලබලවී ඔහු සෙවීමට උත්සාහ කළද දවස පුරාම ඔහු හමුව තිබුනේ නැත.
මෙම සිදුවීම ඊයේ (14දා) සිදුවූ අතර ඔහුගේ සිරුර අද පෙරවරුවේ සොයාගත් බව පානම පොලිසිය කියයි.
ඔහුගේ සිරුර සෙවීමට නාවික හමුදා කඳවුර සහ පානම පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර හැඩඔය කලපුවේ මඩේ ගිලී තිබියදී ඔහුගේ සිරුර කිමිඳුම්කරුවන් විසින් සොයාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඔහු එක්ව තිබුනේ ඔහු සේවය කළ ආයතනයේ මිතුරන් පිරිසක් සමගිනි.
ඔහු කථාකරන අවස්ථාවක වීඩියෝවක් පහළින්ම දක්වා ඇත.