මුහුණු පොතේ මිතුරන් වෙනුවෙන් පවත්වනු ලබන සුහද හමුවක් සහ එහිදී එක් අයකු සඳහා රුපියල් දහසක මුදලක් අය කර විදේශීය මත්පැන් නොමිලයේ ලබා දීමට
නියමිත බවත්
ඒ අනුව පාදුක්ක සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති සුගත් කොලොන්නගේ මහතාගේ උපදෙස් පරිදි අදාළ සුහද හමුව පැවැති අවන්හලට රුපියල් දහස බැගින් වූ ටිකට් පත් දෙකක් මිලට ගත් සුරාබදු පරීක්ෂකවරුන් දෙදෙනකු උපාය දූතයන් ලෙස යවා එහි සිටින අතරතුර නොමිලයේ ලබා දුන් විදේශීය මත්පැන්වලට අමතරව තවත් මුදලට මත්පැන් බෝතලයක් සහ ඒ සඳහා රිසිට් පතක් ද ලබා ගැනීමට කටයුතු කළ බවද එම කාර්යාලය පවසයි.
ඉන් පසුව වහාම ක්‍රියාත්මක වු සුරාබදු නිලධාරීන් සුහද හමුව පැවැති අවන්හල වටලා එහි ශීතකරණ කිහිපයක සඟවා තිබූ අදාළ විදේශීය මත්පැන් තොගය සොයා ගත් බවත් එම විදේශීය මත්පැන් උපාය දූතයන් ලෙස සිටි සුරාබදු පරීක්ෂකවරුන්ට විකිණ අවන්හලේ සේවකයකුද සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් එම කාර්යාලය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු එම අවස්ථාවේදී පුද්ගල ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඒ අනුව සැකකරු සහ අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගය අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි.
පනාගොඩ - චම්පා ජීවන්ති