සිටි බිලි¹ හබරණ
මෙසේ මියගොස් ඇත්තේ සුනිල් ශාන්තගේ සම්පත් කුමාර නමැති පිරිමි දරුවෙකි.
කුඩා කටුමැටි නිවසක කාමරයක බිම දරුවා නිදිකරවා මදුරු දැලකින් වසා මව කුස්සියේ කටයුතු කරමින් සිට ඇත. හය හැවිරිදි ඇගේ දියණිය බල්ලකු විසින් සියබාල සහෝදරයා සපාකන බව මවට දන්වා ඇත. එවැනි සුනඛයකු මීට පෙර දැක නැතිබව මව පවසන බව හබරණ පොලිසිය කියයි.
මෙම මරණය පිළිබඳ මහෙස්ත්රාත් පරීක්ෂණය ඊයේ (17 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
මෙම සිද්ධිය පිළිබඳ හබරණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පිටිගල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුමනරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කිතුල්හිටියාව - ඡේ. බී. බුලාගල, දඹුල්ල - සරත් එරමිණිගම්මන