මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අහෝසි
කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (29 දා) පස්‌වරුවේ අවසර ලබා දුන්නේය. බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෲ හා අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල හමුවේදී එම අභියාචනා පෙත්සම් සලකා බැලීම සිදු කල අතර එහිදී 2/3 බෙදුණු තීන්දුවක්‌ ලබාදෙමින් ශේ්‍රෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමට තීන්දු කළේය.

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් මල්ෂා සූරියආරච්චි නමැති වෛද්‍ය උපාධිධාරිනියට වෛද්‍ය වෘත්තියේ නියෑලීමට ඉඩකඩ සලසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙසට අභියාචනාධිකරණය පසුගිය මැයි 3 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කොට තිබුණි.

ඒ. ඡේ. ඒ. අබේනායක