ලබන ඉරිදාට (17දා) යෙදී ඇති ලෝක ජාත්‍යන්තර රෝගී ආරක්ෂණ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පෙරේදා (13දා) පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතා මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මෙසේ කීවාය.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සියයට 90 ඉක්මවා පැවැතියද ඖෂධ හා සෞඛ්‍ය සාක්ෂරතාව සියයට 50කට වඩා අඩු නිසා රෝගීන් ඖෂධවලින් හානියට පත්වීමේ සම්භාවිතාව වැඩියි.

වෛද්‍යමය දෝෂ හේතුවෙන් ඇමෙරිකා

එක්සත් ජනපදයේ සෑම වසරකදීම රෝගීන් 44,000 _ 98,000ක් පමණ මිය යනවා. එරට සෑම අවුරුද්දකම වැළැක්විය හැකි ඖෂධ ප්‍රතික්‍රියා දස ලක්ෂයක් පමණ සිදුවන බවත් වාර්තා වී තිබෙනවා. සංවර්ධනය වූ එවැනි දියුණු රටක එසේ නම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටක මේ තත්ත්වය බෙහෙවින් අසතුටුදායකයි.
 ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ සංඛ්‍යා ලේඛනත් නෑ.
සෑම ඖෂධයක් සම්බන්ධයෙන්ම අත්‍යවශ්‍යම තොරතුරු පහක් ගැන සෑම දෙනාම දැන සිටිය යුතුයි.
එනම් ඖෂධයේ නම, කුමන රෝගයකට භාවිත කරන්නේද?, මාත්‍රාව කුමක්ද?, දිනකට කී වරක් ඖෂධය භාවිත කළ යුතුද? කෑමට පෙර/ පසු යනාදී වශයෙන් අමතර කරුණු ගැන දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.
ඖෂධ පිළිබඳ දැනුමක් නොමැති නිසා බරපතළ හානි සිදු විය හැකියි. කෙටිකාලීන රෝග සඳහා තමන්ම ඖෂධ ලබා නොගත යුතුයි.

දයා පෙරේරා