පසුගිය 23 වනදා ඇමති ධූර වලින් නෙරපනු ලැබූ හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ
එයින් අනතුරුව

පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනක අසුන්ගනු ඇතැයි වාර්තා පළවුවද ඔහු ඉන් පසු පැවති කිසිදු පාර්ලිමේන්තු රැස්වීමකට මේ දක්වා සහභාගීවී නොමැත.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති දේශීය ආදයම් පනතේ ඡන්ද විමසීමටද ඔහු ආවේ නැත.
පසුගිය සතියක කාලය පුරාම ඔහු පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කර තිබෙන අතර ඔහුගේ පාර්ලිමේන්තු පැමිණීමේ ඉතිහාසය සැලකීමේදී මේ ආකාර නොපැමිණ සිටීමක් දක්නට නොමැති බව පාර්ලිමේන්තු ආරංචි හෙළි කරයි.