හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන්
හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු රුපියල් ලක්ෂ 15ක් වටිනා මෙම යතුරු පැදිය මෙරට පාරවල් වල ධාවනය කිරීමේ දුෂ්කරතාව නිසා ලංකාවට ගෙන්වීම තහනම් ගණයේ එකක් වන නමුත් නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කර පාවිච්චියට ගෙන ඇත්තේ ලියා පදිංචි නොකර ව්‍යාජ අංක තහඩු යොදාගෙනයි.
දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය ගැන විමර්ශනය කිරීමේදී සැකකරු පළාගොස් තිබුණද හොරණ පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර රිය අනතුර සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය ,ඇතුළුව චෝදනා 12 කට
තුන්ලක්ෂ හැත්තෑදහසක දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පනවා ඇත.
යතුරුපැදියේ හිමිකරු හොරණ ගුරුගොඩ පදිංවි අයෙකි.